අපේ රටේ බිහිවූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර සංගක්කාර වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට හිමිකම් කියනවා. සංගා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට Sky Sports ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙතෙක් තම ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ලකුණු 12,400 ක් සහ එක්දින තරඟ වලදී ලකුණු 14,000 කට වඩා ලබාගත් සංගාට මෙම අවස්ථාව හිමි වන්නේ හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මැයි මාසයේ සිට අගොස්තු දක්වා පැවැත්වෙන එංගලන්තයේ “ගිම්හාන ක්‍රිකට් තරඟාවලිය” සඳහා විස්තර විචාරකයෙකු ලෙස සංගා සහභාගී කරවා ගැනීමටයි එම තරඟාවලියේ මාධ්‍ය අයිතිය හිමි Sky Sports ආයතනය තීරණය කර ඇත්තේ.

2017 වසරේදී එංගලන්තයේ පැවති “ශූරයින්ගේ කුසලාන” ක්‍රිකට් තරගාවලියේදී කුමාර සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ අතර එහිදී “කැරිබියන් ප්‍රිමියර් ලීග්” තරඟාවලියද නියෝජනය කළ නිසා ඔහුට එම අවස්තාව මගහැරුණා. නමුත් මේවන විට කුමාර් සංගක්කාර පළමු පෙළ තරඟවලින් විශ්‍රාම ගොස් ඇති නිසා ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දිය හැකි බවයි Sky Sports ආයතනය පවසන්නේ.

Leave a Comment