යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධිවර කර්මාන්තයේ නියැලෙන බොහෝ පිරිසක් ඊයේ(17) දිනයේ සුපුරුදු පරිදි ධිවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතරවාරයේ ප්‍රදේශයේ ධීවරයින් එළන ලද මාදැලකට පරා මාළු කිලෝග්රැම් 10,000 කට වැඩි ප්‍රමාණයක් හසුවී ඇති බවයි ධීවරයින් පවසන්නේ. ඒ  එක් පරා මාළුවෙකු කිලෝග්‍රෑම් එකහාමාරක පමණ බරකින් යුතු වන බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් පරා මාළු රංචුවක් දැලට හසුවි ඇති බවයි ධීවරයන් පවසන්නේ. හසුවූ මාළු අස්වැන්න තොග මිළට විකිනීමට කටයුතු කිරීමට නියමිත බවද ඔවුන් සඳහන් කරනවා.

වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයන්ට කලකට පසුව ඉතා විශාල මාළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඔවුන් ඉතා උද්දාමයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Comment