තාක්ෂණයේ දියුණුවත් සමඟින් ලෝකය විවිධ සොයාගැනීම් සිදුකරනු ලබනවා. ඒ අනුව යුරෝපය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රය දැවැන්ත විප්ලවයකට බඳුන් කරමින් ලොව ප්‍රථම හයිපර්ලූප් පථයේ (විශේෂයෙන් සකස් කල නලයක්) ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. හයිපර්ලූප් ලෙස හඳුන්වන්නේ අධිවේගයෙන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා හඳුන්වාදෙනු ලබන ප්‍රවාහන මාධ්‍යයක් වනවා. මෙහිදී සිදුවන්නේ අඩු පීඩන නළයක් තුළින් මගීන් රැගත් රථයක් ධාවනය කිරීමයි.

හයිපර්ලූප් පථය පිළිබඳව ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් මුලින්ම අනාවරණය කරනු ලැබුවා. මෙම ක්‍රමය මඟින් ආසන්න වශයෙන් පැයට සැතපුම් 670 ක වේගයක් හෙවත් පැයට කිලෝමීටර් 1000 ඉක්මවූ වේගයකින් මගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ. එම වේගය කොන්කෝඩ් යානාවක වේගය මෙන් අඩක පමණ වේගයක් වන අතර බෝයිං 737 ගුවන් යානාවක වේගයට වඩා වැඩි වේගයක් ගනු ඇතී.

ඒ අනුව නුදුරු අනාගතයේදී මහද්වීප අතර ගමනාගමනය මෙම ක්‍රමය මගින් විනාඩි කිහිපයකට සීමා වන බවයි බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Leave a Comment